ජ’පුර සරසවියේ නවක වදය; සිසුවෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් බවයි වාර්තා වුණේ.

විශ්වවිද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම හේතුකරගෙන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වෙනි වසර සහ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යන් පිරිසක් විසින් මෙම සිසුවාට පහර දී ඇති බව සඳහන්.

අදාළ ශිෂ්‍යයා නවාතැන් ගෙන සිටි බව කියන හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නවාතැන්පොළට පැමිණ ඉකුත් 29 වනදා මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක් වූ එම ශිෂ්‍යයාව ඔහුගේ මිතුරන් පිරිසක් විසින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහුට යළි ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් වැලිගම, වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ශිෂ්‍යයා මේ වනවිට වැලිගම, වලාන රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05
Video thumbnail
මහල් නිවාස හදලා තියෙන්නේ සත්තු කියලා හිතාගෙන..මිනිස්සු උද්ඝෝෂණය කරන එක අතිශය සාධාරණයි
10:58
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01