ජ’පුර සරසවියේ නවක වදය; සිසුවෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් බවයි වාර්තා වුණේ.

විශ්වවිද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම හේතුකරගෙන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වෙනි වසර සහ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යන් පිරිසක් විසින් මෙම සිසුවාට පහර දී ඇති බව සඳහන්.

අදාළ ශිෂ්‍යයා නවාතැන් ගෙන සිටි බව කියන හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නවාතැන්පොළට පැමිණ ඉකුත් 29 වනදා මෙම පහරදීම සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක් වූ එම ශිෂ්‍යයාව ඔහුගේ මිතුරන් පිරිසක් විසින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහුට යළි ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් වැලිගම, වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ශිෂ්‍යයා මේ වනවිට වැලිගම, වලාන රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?