පහල්ගම් ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය කලාපීය ගැටුමකට තුඩු නොදෙනු ඇති – අමෙරිකාව

පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හි දී සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය පුළුල් කලාපීය ගැටුමකට තුඩු නොදෙනු ඇතැයි අමෙරිකාව විශ්වාසය පළ කරනවා.

dawn.com වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසන පරිද්දෙන් වොෂින්ටනය ඉන්දියාවෙන් ආවේගකාරී පිළිතුරු බලාපොරොත්තු නොවන බවයි.

අප්‍රේල් 22 වන දින කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගිය අතර, එය 2000 වර්ෂයෙන් පසු ව කලාපයේ සිදු වූ මාරාන්තිකම ප්‍රහාරවලින් එකක් ලෙසයි සඳහන් වන්නේ.

ඉන්දියාව සාක්ෂි නොමැතිව දේශසීමා සම්බන්ධතා උල්ලංඝනයක් පාකිස්තානය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල කළ ද, පාකිස්තානය පවසන්නේ එම චෝදනා සියල්ල ම පරීක්ෂණයකින් සනාථ නොවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ සිදුවීම සම්බන්ධයෙන් මධ්‍යස්ථ පරීක්ෂණයකට පිවිසීමට ඉන්දියාව කටයුතු කළ යුතු බවයි.

ජේ.ඩී. වැන්ස් වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා;

අවංකවම, පකිස්ථානය, ඔවුන් වගකිව යුතු තාක් දුරට, සමහර විට ඔවුන්ගේ භූමිය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් දඩයම් කර ඔවුන්ට එරෙහිව කටයුතු කරන බව සහතික කිරීම සඳහා ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යනුවෙන්.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ඉහළ පෙළේ එක්සත් ජනපද නායකයින් ප්‍රහාරය හෙළා දැක ඇති අතර, එය “ත්‍රස්තවාදය” සහ “අවිචාරශීලී” ලෙස හඳුන්වමින්, පාකිස්තානයට සෘජුවම දොස් නොකියා ඉන්දියාවට සහාය පළ කර තිබෙන්නේ ද මෙවන් පසුබිමකදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?