රූමත් තරුණියන් 16ක් කුට්ටනයේ යෙදවූ විත්තිකාරියන් දෙදෙනකු නිදොස් කොට නිදහස්

දේශීය හා විදේශීය රූමත් තරුණ කාන්තාවන් 16 දෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම (කුට්ටනය කිරීම) ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක විත්තිකාරියන් දෙදෙනකු විත්තියේ සාක්‍ෂි කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළා.

එම ගණිකා මධ්‍යස්ථානයේ හිමිකාරිය යැයි කියන රෝස් මේරි සෙල්ෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම් හා එහි සේවිකාවක ලෙස කටයුතු කළ රුෂි මල්ලවආරච්චි නමැති විත්තිකාරියන් එලෙස නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එලෙස ගණිකා වෘත්තියේ යෙදවූයේ යැයි කියන කාන්තාවන් කිසිවකු පැමිණිල්ලේ සාක්‍ෂිකාරියන් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිල්ල පියවර ගෙන නොමැති බවත් ඔවුන් පිරිස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ නඩුවේ චෝදනාවට වරද පිළිගෙන දඩ ගෙවා ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නා.

එකී චෝදනාවලට සමාන චෝදනා යටතේ පෙර කී ජිනා මැඩම් නමැත්තිය ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් 2006 වසරේ පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව ජිනා මැඩම් නමැත්තිය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කර තිබුණා.

අංක 154/2014 දරන එම නඩුව සම්බන්ධයෙන් 2020.12.14 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ තීන්දුව අනුව එක්වරක් කුට්ටනයට ලක්වූ කාන්තාවක් නැවත කුට්ටනයට ලක් කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා එම තීන්දුව නිකුත් කළා.

ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නාමල් කරුණාරත්න මහතා එම නඩුවේ පළමුවන විත්තිකාරිය වන ජිනා මැඩම් නමැත්තිය වෙනුවෙන් පෙනී සිටියා.

2008 වසරේදී පොලිසිය විසින් උපාය දූතයන් යොදවා කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැඟිල්ලේ 8 වන මහලේ පවත්වාගෙන ගිය එකී ගණිකා මධ්‍යස්ථානය වටලා තිබූ අතර පෙර කී විත්තිකාරියන් දෙදෙනා ඇතුළු පස් දෙනකුට එරෙහිව චෝදනා 61ක් යටතේ පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ දෙවන විත්තිකාර කළමනාකාරවරයා වරද පිළිගෙන තිබුණා.

එකී විත්තිකරුට මහාධිකරණය විසින් නියම කළ දඩ හා වන්දි ගෙවීම සඳහා එම නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21