හිටපු ජනපති ප්‍රේමදාසයන්ගේ ගුණ සැමරුම අදයි (වීඩියෝ)

කම්කරු දින මැයි පෙළපාලියක දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව අභාවප්‍රාප්ත වූ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරුම් උත්සවය අද (01) කොළඹ අලුත්කඩේ උසාවිය අසල දී සිදු කෙරුණා.

එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය විසින් 1993 වසරේ මැයි මස 01 වැනි දින පැවැත්වූ මැයි දින පෙළපාලියකට එවකට ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ද එක්වී සිටි අතර එම පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේ දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වී මේ වන විට වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් අද මෙම සැමරුම් වැඩසටහන පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?