ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට දින දෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

හිටපු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වූ වරුණ ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඒ පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ දිසා අධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවයකට අනුව ඉකුත් ජනවාරි මස 25 වැනිදා රග්බි සම්මේලනයේ නිලවරනය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කෙරුණු බව පෙන්වා දුන්නා.

එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගයට අනුව එදින එම නිලවරණය පැවැත්වීම අත්හිටවනු ලැබූ බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණයට අපහාසාත්මක ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

මේ නිසා එම නිලවරණයට ඉදිරිපත් වූ නාමයෝජනා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබෙන බවත් ඔහු පැවසුවා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයක් ලබන 15 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බව සඳහන් කළා.

මෙම පෙත්සමත් එදින කැඳවන ලෙස අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනිදා කැඳවන ලෙස නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51