මෙරට ස්විට්සර්ලන්ත තානාපතිනියගේ රුපියල් ලක්ෂ 45ක රන් භාණ්ඩ සොරාගෙන

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ, ස්විස්ටර්ලන්ත තානාපතිනිය විසින් කොල්ලුපිටිය පොලිසියට ඊයේ (29) කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.

තානාපතිනිය ඉකුත් 12 වැනිදා ස්විට්සර්ලන්තයට පිටව ගොස් අප්‍රේල් 27 ලංකාවට පැමිණි බවත් එම කාල සීමාව තුළ ඇයගේ කාර්ය මණ්ඩලයේ 5 දෙනකු සේවයේ නියුතුව සිට ඇති අතර කොල්ලුපිටිය පොලිසිය එම කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගත් බව සඳහන් කර තිබෙනවා.

තානාපතිවරියගේ නිල නිවාසයේ ඉහළ මහලේ කාමරයක සේප්පුවේ දමා තිබූ දියමන්ති අල්ලන ලද මුදුවක්, කොළ පැහැති ගල් අල්ලන ලද මුදුවක් සහ රන්මාලයක්, සුදු රත්තරං බ්‍රේස්ලට් එකක්, රන් මංගල මුදුවක්, රූබි ගලක් අල්ලන ලද රන් මුදුවක්, රන් පෙන්ඩනයක්, නිල් මැණික් ගල් අල්ලන ලද රන් කරාබු ජෝඩුවක්, Omega ladymatic වර්ගයේ ඔරලෝසුවක් ඇතුළු රන් බඩු තොගයක් සොරාගෙන ගොස් ඇති බවට තානාපතිනිය විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?