මාලිංග විස්සයි විස්ස පිටියත් හැර යන ලකුණු

තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත්  මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි.

වසර එකහමාරක් පමණ තමන් ක්‍රිකට් ක්‍රීඩා කර නොමැති බව මාලිංග, තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වෙත එහිදී ප්‍රකාශ කර තිබෙනවා. අනතුරුව දීර්ඝ වශයෙන් තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් මාලිංගට කරුණු පැහැදිලි කළ තේරීම් කමිටු සභාපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කිසිදු ක්‍රීඩකයෙකු කණ්ඩායමට එක්කර නොගන්නා බවයි.

කණ්ඩායමට එක්වීමට නම් සෑම ක්‍රීඩකයෙකුම මිනිත්තු 8 යි තත්පර 35 ට අඩු කාලයකින් කිලෝමීටර් 2ක දුරක් දිවීමේ අභියෝගය ජය ගතයුතු  බවද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය  වික්‍රමසිංහ මාලිංග හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම තේරීම් කමිටු සභාපතිවරයා මාලිංග වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ කාලීන දක්ෂතා මැන බැලීම සදහා පළමු පෙළ තරග ක්‍රීඩා කළ යුතුයි.  කණ්ඩායම තෝරන අවස්ථාවේදී මෙම කඩඉම් සම්පූර්ණ කර නොමැති කිසිදු ක්‍රීඩකයෙකුට කණ්ඩායමට එක්වීමට අවස්ථාව නොලැබන බවද තේරීම් කමිටු සභාපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා. 

එමෙන්ම නවක ක්‍රිඩකයන්ට අවස්ථාව ලබාදෙන තේරීම් කමිටුවේ ප්‍රතිපත්තිය සම්න්ධයෙන්ද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෙහිදී මාලිංගට කරුණු පැහැදිලි කර කළා. තේරීම් කමිටු සභාපතිවරයාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම වැඩපිළවෙළ සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කළ මාලිංග එහිදී තේරීම් කමිටු සභාපතිවරයා වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙළ අඛණ්ඩව සිදුකර ගෙන යන ලෙසටයි.

කෙසේ වෙතත් මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්න ඇසූ ප්‍රශ්නයට  මාලිංග පැහැදිලි පිළිතුරු ලබා නොදුන් බවද තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සදහන් කළා. ක්‍රිඩකයින් තේරීම් නව ක්‍රමවේද සහ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හේතුවෙන් ලසිත් මාලිංග නුදුරේදීම විස්සයි විස්ස ක්‍රිකට් පිටියටත් සමුදෙනු ඇති බවයි ක්‍රිකට් ආරංචි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12