ගනේමුල්ල සංජීව ඝාතනයට හිරේ හිටි බූස්ස ජේලර්ට ඇප

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඉකුත් පෙබරවාරි 19 වැනිදා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බූස්ස බන්ධනාගාරයේ ජේලර් මනෝජ් උදයකාන්ත නමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ, සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 75000ක මුදල් ඇප මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බවයි.

එම නියෝගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා යවන ලෙස ද නියෝග කළා.

එම නඩුවේ 13 වැනි සැකකරු ලෙස නම් කර සිටි සැකකාර මනෝජ් උදයකාන්ත නමැති ජේලර්වරයා අදාළ ඝාතනයට කිසිදු ලෙසකින් සම්බන්ධ බවට තම අධිකරණයේ දී හෙළි වී නොමැති බව අධිකරණ විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.

සැකකාර ජේලර්වරයා වෙනුවෙන් නීතිඥ සුරංග පෙරේරා මහතා පෙනී සිටියා.

ඉකුත් මාර්තු 17 වැනිදා බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමක වශයෙන් සේවය කරන විත්තිකාර වශයෙන් සිටි උදයකාන්ත නමැත්තා අත්අඩංගුවට ගැනුණ අතර සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

එසේම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බව ද එහිදී පොලිසිය පෙන්වා දුන්නා.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20