ඡන්ද පත්‍රිකා වෙළඳසැළක තබා බෙදාහැරීම සිදුකළ පියුම් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ජන්ද දායකයින් වෙත ලබාදිය යුතු ඡන්ද පත්‍රිකා 28ක් ඡන්ද පත්‍රිකා හිමි අයවළුන්ට ලබා නොදී වෙළඳසැල් හිමියෙකු හරහා බෙදාදීමට ලබා දුන් තැපැල් බෙදන්නෙකු හා ඡන්ද පත්‍රිකා බෙදාදීමට ළඟ තබාගෙන සිටි වෙළඳසැල් හිමියෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත බෙදාදීමට තිබූ ඡන්ද පත්‍රිකා 28ක් ප්‍රදේශයේ තැපැල් බෙදීම සිදු කරන තැපැල් බෙදුම්කරු විසින් අදාළ හිමිකම්පත් හිමිකරුවන් වෙත ලබානොදී ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකු වෙත භාර දී අදාළ පුද්ගලයින් පැමිණියහොත් ඡන්ද පත්‍රිකා ලබාදෙන ලෙසට දන්වා ගොස් ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලද තොරතුරක් මත වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාල නිලධාරීන් පොලිස් නිලධාරීන් සමඟ ගොස් සැකකාර තැපැල් බෙදුම්කරු හා ඡන්ද පත්‍රිකා භාරයේ තබාගෙන සිටි වෙළෙඳ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තැපැල් බෙදුම්කරු හා වෙළඳසැල් හිමියා වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?