ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලේ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කරන තරුණයෙකු අද (29) දහවල් බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ එම ආයතනයේ සහකාර කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ 29 හැවිරිදි අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මියගිය තරුණයා බිම් මහලේ සිට ඇති බවත් බිම් මහලේ සිට තුන්වන මහල දක්වා භාණ්ඩ ගෙන යන අතරතුර තුන්වන මහලේ සිට විදුලි සෝපානය ඔහුගේ හිස මතට කඩා වැටී ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
එය කඩා වැටුණු වහාම අවට සිටි පිරිස් විසින් බරපතළ තුවාල ලැබූ තරුණයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.
මරණ පරීක්ෂණය ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් සිදු කරනු ලැබූ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.














Kisima deyak therenne na. 3 mahale inna welawe 3 mahale kadan oluwata kadan waune kohomada kiyala MN me kalpana karanne. Kese wethath niwansuwa pathanawa.