රුපියල් කෝටි 07කට අධික රාජ්‍ය මූල්‍යයක් වංචා කිරීමේ වරදට ලොකු ලොක්කෝ දෙදෙනකු හිරේට

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද (29) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති දේවප්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනා බවයි.

සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට ලබා දුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසිහයක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම දෙදෙනා ද සැකපිට අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එකී මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපිකරුවෙකු සහ තාක්‍ෂණ නිලධාරියකු ද පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බවයි අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
6
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?