රබර් පාලන පනත සංශෝධනය කිරීම ගැන නිවේදනයක්

1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද, නීතිපති විසින් නිෂ්කාශනය කළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2024‑02‑26 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තීබෙනවා.

අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, එකී පනත් කෙටුම්පත 2024‑05‑22 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද බවයි.

එහෙත්, 2024‑09‑24 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා.

එබැවින්, 1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත නැවත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17