පට්ට වංචනිකයෙකු අල්ලගන්න පොලිසිය මහජන සහාය පතයි

රුපියල් එක් කෝටිහැටපන් ලක්ෂයක් වටිනා ජීප් රියක් 2020 වර්ෂයේ අගෝස්තු 25 වැනි දින කොළඹ ජාතික රෝහලේ රථ ගාලේ නවතා තිබියදී සොරකම් කිරීම සම්බන්ධයෙන් හා 2023 දෙසැම්බර් මස 18 වැනි දින වාහනයක් ලබදෙන පවසා එක්කෝටි විසිපන් ලක්ෂයක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන අරඹනු ලැබුවා.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම අපරාධ සම්බන්ධයෙන් දැනට හඳුනාගෙන ඇති සැකකරු ව්‍යාජ නම් කිහිපයක් භාවිත කරමින් ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකරුට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාවක් ඇති බවත් සැකකරු ගමන් කරන වාහනවල රජයේ නිල ලාංඡන ප්‍රදර්ශනය කරමින් ගමන් කරන බවත් අනාවරණය වී තිබෙනවා.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු ව අත් අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

රෆික් මොහොමඩ් ෆාරිස් නමැති 1976 වර්ෂයේ උපත ලබා ඇති මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591735 යන කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට හෝ 071-8596507 යන විමර්ශන ඒකක 05 – ස්ථානාධිපතිවරයාට හෝ දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26