දේශබන්දුට එරෙහි විමර්ශන කමිටුව තෙවැනි වරටත් රැස්වෙයි – හෙටත් සාකච්ඡා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුව තෙවැනි වරට ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.

එම විමර්ශන කමිටුවට සහාය වීම පිණිස පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කර එවන ලෙස කමිටුව විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද ඉල්ලීම මත අදාළ විමර්ශන කණ්ඩායම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නම්කර එවනු ලැබුවා.

ඒ අනුව නම් කර එවූ පොලිස් විමර්ශන කණ්ඩායමේ ද සහාය මත ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට මෙහිදී රැස්වූ කමිටුව විසින් තීරණය කෙරුණේ.

එසේම කමිටුව යළිත් හෙට (30) දින නැවත රැස්වීමට තීරණය කෙරුණු බවත් නිවේදනයේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?