ජනපති මැයි මාසයේ වියට්නාමයට

ලබන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා බමේ බව පැවසුවා.

ජාත්‍යන්තර වෙසක් දිනය පදනම් කරගනිමින් ජනාධිපතිවරයා වියට්නාමයේ මෙම නිල සංචාරයේ නිරත වීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

එහිදී ජනාධිපතිවරයා විසින් වියට්නාමය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත අතර, එම යෝජනා ඊයේ (28) දිනයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?