රත්තරං හොරා දුන් ඔත්තුවකට තරුණියක් සහ තවත් තිදෙනෙක් වැලිකඩ පොලිස් දැලේ

නිවසක් බිඳ මුදල් හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියකට සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය වැලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වැලිකඩ පොලිස් වසමේ දී රුපියල් 550,000ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් ඊයේ (28) උදෑසන වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 24ක, ගොතටුව, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, සොරා ගන්නා ලද රන් භාණ්ඩ උගසට තබා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව සොර බඩු බැහැර කිරීම හා සොර බඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ඊයේ (28) දින ගොතටුව හා දෙමටගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුව ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අවුරුදු 27 හා 28 වයස්වල පසුවන දෙමටගොඩ හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 19ක ගොතටුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05