රුපියල් ලක්ෂ 35ක් වටිනා විදෙස් මත්පැන් තොගයක් සමග ව්‍යාපාරිකයින් පහක් අත්අඩංගුවට ගැනේ

ඩුබායිවල දී තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් මිල දී ගත්, රුපියල් ලක්ෂ තිස් පහක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 234 ක්, නීතිවිරෝධී ලෙස රැගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් 05 දෙනෙකු අද (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයන් පිරිසක්.

මොවුන් අද උදෑසන 08.35ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ මෙම විදේශීය රටක නිෂ්පාදිත විස්කි සහ වොඩ්කා බෝතල් තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ වනවිට මෙම ව්‍යාපාරිකයන් පිරිස අත්අඩංගුවේ තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුපිරිම වැටුපක් එක්ක ඊශ්‍රායලයේ රට රැකියාවකට යන්න අවස්ථාව
Video thumbnail
කාළගුණය යළි දරුණුවෙන ලකුණු..අද දිනයේ සිට වර්ෂාවේ ඉහළ යාමක්..අවදානම් ස්ථානවලින් වහාම ඉවත් වෙන්න
02:49
Video thumbnail
අපිට කොච්චර විවේචනය කළත් අපි ජනතාවට සහන දෙනවා
03:39
Video thumbnail
අශෝක රන්වලගේ කෙරුවාව කැබ්නට් හමුවේදී නලින්දගෙන් හෙළිවෙයි..ඇයි පොලිසිය මෙච්චර බොරු කියන්නේ?
07:42
Video thumbnail
විපක්ෂයේ සහතික අපිට අවශ්‍ය නෑ - විපක්ෂය ආපදාවකට ලක්වෙලා
04:23
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14


?