පකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන ලෙසට ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණ

පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ව පකිස්තානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන ලෙස ඉල්ලා කැනඩාවේ ටොරෙන්ටෝ හි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනඩාවේ ජීවත් වන හින්දු, යුදෙව්, බලුච්, ඉරාන සහ අනෙකුත් ප්‍රජාවන් ඇතුළු කැනේඩියානුවන් ද එක්ව 500කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මෙකී උද්ඝෝෂණයට එක් ව ඇති බවයි.

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහි ගෝලීය සහයෝගීතාව අවධාරණය කරමින් පකිස්ථානය ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කරන ලෙස කැනඩාවෙන් විරෝධතාකරුවන් ඉල්ලා සිටියා.

පකිස්තානයේ සහාය ලබන ජිහාඩි ත්‍රස්තවාදීන් විසින් ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි මෑතකදී හින්දු භක්තිකයන් සමූලඝාතනය කිරීම හෙළා දකිමින් දැවැන්ත ඉටිපන්දම් දල්වා රැලියක් පැවැත්වීමටයි විරෝධතාකරුවන් කටයුතු කළේ.

කැනඩාවේ හින්දු සංසදය, COHNA සහ තවත් හින්දු සංවිධාන කිහිපයක් විසින් මෙය සංවිධානය කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55