වසර 13කට පසු ව ලැබුණු සාධාරණය

මෝදර – කෝවිල අසල නිවසක සිටි 20 හැවිරිදි අවිවාහක තරුණයකු පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කළ විත්තිකරුවන් පස්දෙනෙකු එම ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මරණ දඬුවම නියම කර තිබෙනවා.

එකී ඝාතන චෝදනාව ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් වු තවත් දෙදෙනකුට ද එහිදී මහාධිකරණ විනිසුරුවරයා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණා.

ඒ අද (28) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

එම වරද සිදු කරන අවස්ථාවේ දෙවන සහ නවවන විත්තිකරුවන් වයස අවුරුදු 18 අඩු අයව සිටි බැවින් එලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ එකී විත්තිකරුවන් හත් දෙනා ඇතුළු නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර ඇති නවදෙනාම එකී චෝදනාවට වරදකරුවන් වන බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවයි. ⁣

එමෙන්ම නඩු විභාගය අතරතුර එම නඩුවේ හතර වන විත්තිකරු සහ හය වන විත්තිකරු මිය ගොස් ඇති බව ද එහිදී වැඩිදුරටත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.

මියගොස් සිටිය ද එම විත්තිකරුවන් දෙදෙනා ද වරදකරුවන් බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නා.

මෙසේ මරණිය දණ්ඩනය නියම වූ විත්තිකරුවකු සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වූ විත්තිකරුවකු පිය – පුතු දෙපළක් වන බව ද එහිදී අනාවරණය වුණා.

2012 සැප්තැම්බර් 29 වැනිදා මෝදර කෝවිල අසල නිවසක සිටි 20 හැවිරිදි අවිවාහක තරුණයකු පුද්ගලික කෝන්තරයක් මත ක්‍රිකට් පොලු ඇතුළු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් නවදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා.

ඉන් වසර 13කට පසු අද එම විත්තිකරුවන් හට මරණ දඬුවම සහ සිරදඬුවම් නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18