පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදත් අවස්ථාව

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට රාජ්‍ය සේවකයින්ට අද දිනයේත් අවස්ථාව හිමිවනවා.

ඒ, අනුව අද (28) පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

අද (28) දිනය තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට හෙට (29) දිනයේත් ඒ සඳහා අවස්ථාව හිමිවන අතර, එය තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදෙන අවසාන දිනයයි.

පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 24 වනදා ආරම්භ වුණා.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම හෙට (29) දිනයෙන් අවසන් වනවා.

එළඹෙන මැයි මස 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?