හෙරොයින් කිලෝ 494ක් විනාශ කිරීම අද

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් විනාශ කිරීම අද (28) සිදුකෙරෙනවා.

අදාළ මත්ද්‍රව්‍ය තොගය (28) පෙරවරු 10.00ට විනාශකර දමන බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගොස් එහිදී මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නියමිතයි.

විනාශ කිරීමට නියමිත මත්ද්‍රව්‍ය තොගය කොළඹ මහාධිකරණයෙන් අද පෙරවරුවේ භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ආරක්ෂාවක් යටතේ පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන යාමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

කොළඹ මහාධිකරණයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් භාරගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?