දේව ආශිර්වාද දෙන්න අඩි 60ක් උස කණුවකට නැගි පුද්ගලයා ඇද වැටී මරුට

හින්දු සංස්කෘතියේ ඇති පොන්නන් සංගර් නැමැති නාට්‍ය විදහා දැක්වීමට අඩි 60ක් උස කණුවකට නැඟ එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූ පුද්ගලයෙක් කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (2) උදෑසන සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති 66 හැවිරිදි පුද්ගලයෙක්.

සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය රඟ දජ්වන බවත්, මෙම වසරේදීත් එම නාට්‍ය රඟ දැක්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ, සඳහා වතු කම්කරුවන් එක්ව ඊයේ (26) රාත්‍රියේ අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රඳවා සුදානම් කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව රැය පහන් වන තුරු නාට්‍ය රඟ දක්වා විශේෂ පූජාවන් ගණනාවක් ද පවත්වා තිබෙනවා.

අනතුරුව හිරු උදාවීමට ප්‍රථම එම නාට්‍යයේ රඟපෑ ප්‍රධාන ශිල්පියා අඩි 60ක් උස කණුවට නැග කණුව මුදුනේ රඳවා ඇති මල් පහළින් සිටින එම උත්සවයට සහභාගී වූ පිරිසට ඉසීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී කණුව මුදුනටම නැගි පුද්ගලයා ගසේ මුදුනේ සිට මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා ඉන් බිමට වැටී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක මහ රෝහලේ තැන්පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56