සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි – නුවර සුද්දකරන වැඩසටහන අද හවස සිට

අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකර දුන් සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදට (27) යෙදී තිබෙනවා.

ඒ, අනුව බැතිමතුන්ට අද (27) පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා සිරි දළදා වන්දනාවට අවස්ථාව හිමිවෙනවා.

‘සිරි දළදා වන්දනාව’ පසුගිය 18 වනදා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන්න්ගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ඒ, අනුව ගතවූ දින 09 තුළ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සංඛ්‍යාවකට දළඳා සමිඳුන් දැක ආශීර්වාද ලබාගැනීමට හැකියාව හිමි වුණා.

මේ අතර දසත නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ; සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වන අද දිනයේදීත් අති විශාල පිරිසක් දළඳා සමිඳුන් දැක වැඳපුදා ගැනීමට පෝලිම්වල රැඳී සිටින බවයි.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් අති විශාල ජනකායක් මහනුවර නගරය පැමිණීමත් සමඟ එම ජනතාව පාලනයට සහ ඔවුන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ගැටළුකාරී තත්ත්වයක් පැන නැඟුණා.

මේ හේතුවෙන් සිරි දළදා වන්දනාව වෙනුවෙන් වෙන්කර තිබූ ප්‍රවේශ මාර්ග තුනේ පෝලිම්වලට අලුතින් සැදැහැවතුන් එක්කර නොගැනීමට පසුගිය 24 වනදා සිට තීරණය කළා.

ඊට අමතරව මහනුවර නගරයට වන්දනාමාන කටයුතු සිදුකිරීම සඳහා පැමිණීමෙන් වළකින ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේ අතර මහනුවර නගරයේ එක්රැස් වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් අද (27) පස්වරුවේ සිට ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙනවා.

එම වැඩපිළිවෙළ පාර්ශවකරුවන් රැසකගේ සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ සදහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39