Update – පාප් වහන්සේගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය බලා ගමන් අරඹයි

ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මේ වනවිට අවසන්ව තිබෙනවා.

පාප් වහන්සේගේ දේහය රැගත් පෙරහැරකින් රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය වෙත ගමන් කිරීමට අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ දේහය සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයයේ භූමදානය කිරීමට නියමිතව ඇහි අතර, එම දේවස්ථානය තුළ එය භූමදාන කරන්නේ පාප් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය දක්වා කිලෝමීටර් 06ක පමණ දුරක් මෙම අවමංගල්‍ය පෙරහැර ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහජනතාවට පෙරහැර පිටුපසින් ගමන් කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස සිට පාප් වහන්සේට අවසන් ගෞරවය පුද කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය තුළ සිදුකෙරෙන භූමදාන කටයුතු මහජනතාවට විවෘත නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වතිකානය නිවේදනය කළේ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය සඳහා ශාන්ත පීතර චතුරශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයට 250,000 ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21