Update – පාප් වහන්සේගේ දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය බලා ගමන් අරඹයි

ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය මේ වනවිට අවසන්ව තිබෙනවා.

පාප් වහන්සේගේ දේහය රැගත් පෙරහැරකින් රෝමයේ සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය වෙත ගමන් කිරීමට අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ දේහය සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානයයේ භූමදානය කිරීමට නියමිතව ඇහි අතර, එම දේවස්ථානය තුළ එය භූමදාන කරන්නේ පාප් වහන්සේගේ ඉල්ලීමකට අනුවයි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සිට සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය දක්වා කිලෝමීටර් 06ක පමණ දුරක් මෙම අවමංගල්‍ය පෙරහැර ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහජනතාවට පෙරහැර පිටුපසින් ගමන් කිරීමට අවස්ථාවක් නොලැබෙන අතර පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස සිට පාප් වහන්සේට අවසන් ගෞරවය පුද කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සැන්ටා මාරියා මැගියෝර් දේවස්ථානය තුළ සිදුකෙරෙන භූමදාන කටයුතු මහජනතාවට විවෘත නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වතිකානය නිවේදනය කළේ ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය දේව මෙහෙය සඳහා ශාන්ත පීතර චතුරශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයට 250,000 ක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?