බීමත්ව රිය පැදවූ එ.ජා.ප. යේ අපේක්ෂකයා අත්අඩංගුවට

බීමත්ව ත්‍රීරෝද රථය ධාවනය කළ අඹගමුව ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ඊයේ (22) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව අද (23) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගිනිගත්හේන පොලිසිය විසින් නෛතික පියවර ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ සැකකරු අධික ලෙස බීමත්ව ඔහුට අයත් ත්‍රීරෝද රථය ධාවනය කරවන අවස්ථාවේ ගිනිගත්හේන පොලිසියේ රාත්‍රියේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් අත් අඩංගුවට ගන්නා ලද බවයි.

සැකකරු අද දින මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් නොවී නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ‍යළිත් එම නඩුව ජූනි මස 02 වැනි දිනට කැඳවීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් එම්. ෆරුක්ඩීන් මහතා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?