ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට වතිකානුව පුරා දිගු පෝලිම්

පෙරේදා (21) දින නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමත් සමග ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට මහජන ගෞරව දැක්වීම සඳහා ඉඩහසර වෙන් කර දී තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කරන පරිදි පැය එකහමාරකට අධික කාලයක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට අවසන් ගෞරව දැක්වීම සඳහා ශාන්ත පීතර බැසිලිකාවට අතිවිශාල ජනකායක් පෝලිම් දිගේ පැමිණෙමින් සිටින බවයි.

ලොව පුරා සිටින බොහෝ කිතුණු සහ අන්‍යාගමික බැතිමතුන් ද පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට වතිකානු නගරයට ගොස් තිබෙනවා.

වතිකානු නගරයෙන් පිටත සහ රෝමයට පිවිසෙන මාර්ගවල ද දැඩි පෝලිම් තිබෙන බවයි බීබීසී මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අනිද්දා දින රාත්‍රී 20:00ට මිනී පෙට්ටිය වසා දැමීමේ චාරිත්‍රය ශාන්ත පීතර බැසිලිකාවේ දී “කැමර්ලෙන්ගෝ” කාදිනල් කෙවින් ෆැරල් විසින් මෙහෙයවනු ලබනවා.

නව පාප්වරයෙකු තේරී පත් වන තෙක් වතිකානුව මෙහෙයවනු ලබන පුද්ගලයා වන්නේ ද කාදිනල් කෙවින් ෆැරල්.

කාර්දිනල් විද්‍යාලයේ පීඨාධිපති ජියෝවානි බැටිස්ටා රේ ද සහභාගී වන අතර ඔහු සෙනසුරාදා අවමංගල්‍යය උත්සවයට නායකත්වය දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ# ඩබල
01:13
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55