ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ගැන රජයෙන් විශේෂ තීරණයක්

විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) තාර බර ඉහළ යාම සිදුවනවා.

එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022‑08‑08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩිදුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මඟින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්තකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?