ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ගැන රජයෙන් විශේෂ තීරණයක්

විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) තාර බර ඉහළ යාම සිදුවනවා.

එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022‑08‑08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩිදුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මඟින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකලයක (ත්‍රිරෝද රථයක) තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්තකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබෙනවා.

ඒ, අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබෙනවා.

  1. ඉන්ධන රථයක් බැටරි ධාවනයට නවීකරනය කරද්දි තිබූ එන්ජිම හා ඉන්ද්ධන ටැංකියේ බරට වඩා බැටරිය බරනම් එතනම අකාර්‍යක්ශමතාවයක් තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමිට අවසන් ගෞරව දෙන්න ආ කලාකරුවන් හඬා වැටෙයි..අපි වෙන් කරන්න බැරි යාළුවෝ දෙන්නෙක්
03:12
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නැත්තම් කම්පන ප්‍රසංගයක් නෑ - දශක ගණනාවකට හිමි නැති අඩුව දැනෙයි
03:20
Video thumbnail
රඹුක්කන සිද්ධාර්ථ හිමියන් වෙනුවෙන් කඩා වැටුණු කඳුළු...
02:01
Video thumbnail
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක් - දඩ ගෙවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණයි ?
01:36
Video thumbnail
පාර්ලිමේන්තුවේ අර්චුනාගේ අවසන් කතාව..?
01:20