“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහනේ ලබාදෙන ආධාර මුදල වැඩි කෙරේ

දිළිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව සහ ඒ හා බැඳි දරිද්‍රතාව අඩු කිරීම අරමුණු කර ගනිමින් “ඔබට ගෙයක් ‑ රටට හෙටක්” නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

එම වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමකම දිළිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක් ප්‍රමුඛතාව මත හඳුනාගෙන නිවසක් ඉදිකිරීම/වැඩිදියුණු කිරීම පිණිස ඉදිකිරීමේ ප්‍රගතිය මත පදනම්ව ආධාර මුදලක් පිරිනමනවා.

තෝරාගනු ලබන ප්‍රතිලාභියා විසින් අවම වශයෙන් වර්ග අඩි 550ක නිවසක් ඉදි කළ යුතු අතර, ඒ සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 650,000ක ආධාර මුදලට අමතරව ඉතිරි මුදල අදාළ ප්‍රතිලාභියා විසින් දැරිය යුතුයි.

වැඩසටහන ආරම්භයේ දී එක් නිවසක ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් 1,147,000ක් වූ නමුත්, මේ වන විට එම පිරිවැය රුපියල් 1,764,000ක් දක්වා වැඩි වී තිබෙනවා.

රජයේ ආධාර මුදලට අතිරේකව ඉතිරි මුදල දැරීමට තෝරාගනු ලබන ප්‍රතිලාභීන්ගේ ආර්ථික තත්ත්වය අනුව හැකියාවක් නොමැති බැවින් දැනට නිවාස ඒකකයක් සඳහා ලබා දෙන රුපියල් 650,000ක් වන රජයේ ආධාර මුදල රුපියල් 1,000,000ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?