නව විගණකාධිපතිවරයෙක් පත්කර ගන්න ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (22) දින පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

නව විගණකාධිපතිවරයෙක් පත්කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව මෙලෙස රැස්වෙනවා.

විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යේෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකුගේ නම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වුණේ.

ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යේෂ්ඨතම නිලධාරියා විගණකාධිපති ලෙස පත් කිරීම මෙතෙක් පැවැති සම්ප්‍රදායයි.

විගණකාධිපති ධුරයේ කටයුතු කළ ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න ඉකුත් 08 වනදා විශ්‍රාමයාමත් සමඟ එම තනතුර මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?