ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 34 දෙනෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තු – ශර්මා කෝලි ඇතුළු හතරකට ඉහළ ගෙවීමක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම කොන්ත්‍රාත් කාලය 2024 ඔක්තෝබර් 01 සිට 2025 සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඒ, අනුව මෙම කොන්ත්‍රාත්තු යටතේ ඉහළම ගෙවීමක් ලබන එනම් Grade A + කාණ්ඩයට ක්‍රීඩකයින් සිව්දෙනෙක් ඇතුළත්ව සිටිනවා.

රෝහිත් ශර්මා, විරාට් කෝලි, ජස්ප්‍රිත් බුම්රා සහ රවින්ද්‍ර ජඩේජා එම ක්‍රීඩකයින් සිව්දෙනායි.

Grade A කාණ්ඩයට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 06 දෙනෙන් ඇතුළත්ව ඇති අතර, මෙහොමඩ් සිරාජ්, කේ.එල්. රාහුල්, ෂුබ්මන් ගිල්, හාර්ඩික් පාණ්ඩ්‍යා, මොහොමඩ් ෂාමි සහ රිෂාබ් පාන්ට් ඊට ඇතුළත්.

මේ අතර කුල්දීප් යාදෙව්, සූර්යකුමාර් යාදව්, අක්සාර් පටෙල්, යෂස්වි ජයිස්වාල් සහ ශ්‍රෙයාස් අයියර් යන ක්‍රීඩකයින් Grade B කාණ්ඩයට ඇතුළත් කර තිබෙනවා.

ඊට අමතරව තවත් ක්‍රීඩකයින් 19 දෙනෙකු Grade C කාණ්ඩය යටතේ වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් කර සිටිනවා.

ඒ, අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයින් 34 දෙනෙකු සඳහා වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43