යුවළක් එකට අවසන් ගමන් ගිය බෙලිගමුවේ යතුරුපැදි අනතුර – අවුරුදු එක හමාරේ දරුවාට තුවාල

ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ බෙලිගමුව, මහ කඩේ හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (21) උදෑසන සිදු වූ මෙම අනතුරින් වයස අවුරුදු එක හමාරක පිරිමි ළමයෙක් ද තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගලේවෙල සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය මාර්ග හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලන කර ගැනීමට නොහැකිව කානුවක වැටීමෙන් මෙම අනතුර සිදුව සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් පසු යතුරුපැදියේ ගමන් කළ තිදෙනාම ගලේවෙල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී 31 හැවිරිදි පිරිමි පුද්ගලයා සහ 21 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලබා සිටි කුඩා දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය යුවළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන්ගේ මෘත ශරීර ගලේවෙල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

  1. Hethiva sathunta kisima thanak mee ratée nethi viimai vena rataval vagee upath palanaya karunavanthe hadavathe gevalata gaththa nam eka Eka paare mevan dee sindu novanna athe den ee ballata mokada une?