නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි (ඡායාරූප)

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

මන්නාරම, අඩම්පන් පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පොලිසිය පැවසූවේ නීති විරෝධි වැලි ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත ඊයේ (20) දිනයේ වැටලීමක් සිදුකළ බවයි.

එහිදී ජාවාරම්කරුවන් නීති විරෝධි වැලි පැටවූ ටිපර් රථයකින් පොලිස් නිලධාරීන් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රෝදවලට වෙඩි තැබීම සිදුකර ඇතිකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ලොරි රථයේ රියදුරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ටිපර් රථය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Mannar 3
Mannar 2
Mannar 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37