පොලිස් නිලධාරියකු සිරුරට ගිනි තියාගනියි

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානයකට අනුයුක්තව රාජකාරි කළ නිලධාරියකු ඊයේ (19) පස්වරුවේ පොළොන්නරුව – කඳුරුවෙල, පොළහන්දිය ප්‍රදේශයේ සිය අනියම් පෙම්වතියගේ නිවසට ගොස් සිය සිරුරට පෙට්‍රල් හලා, ඉන් අනතුරුව ගිනි තබාගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ පොලිස් නිලධාරියා දිගු කලෙක සිට මෙම කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වා ඇති බවත්, ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර තිබූ ඇසුර බිඳී යාමෙන් පසුව තුවාලකරු දැඩි සිත් වේදනාවකින් පසු වී ඇති බවයි.

අසල තිබූ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ද ගෙන ඔහු අනියම් බිරිඳගේ නිවසට ගොස් දොරට තට්ටු කළ ද ඇය දොර විවෘත නොකිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

සිරුරට ගිනි ඇවිළීමෙන් පසු පොලිස් නිලධාරියා මහා මාර්ගයට දිවවිත් ඇති අතර එහිදි ප්‍රදේශවාසීන් එක් ව ගින්න නිමා කඩිනමින් ඔහුව පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුගේ තත්ත්වය අසාධ්‍යය බවත් මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
10
+1
0
+1
4
+1
1
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38