කැටපොළේ මිනීමැරුමක්

කසිප්පු ජාවාරම්කරුවෙකු විසින් පවත්වාගෙන ගිය මුදල් ඔට්ටුවට “කැට සෙල්ලම්” කළ ස්ථානයක සිදු වී ඇති බහින් බස්වීමකින් අනතුරුව සිදු වූ පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (19) පස්වරුවේ සිදු ව ඇති බවයි ආනමඩුව පොලිසිය පවසා සිටියේ.

මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය, වඩත්ත – හල්මිල්ලවැව පදිංචිව සිටි මහමුදන්නායක මුදියන්සේලාගේ සජිත් තිවංක හෙවත් ජයසුන්දර නම් 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකුව ආනමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇති තරුණයාගේ මවගේ සහෝදරයකු සහ කසිප්පු ජාවාරම්කරු ද ඒ අතර වන බවයි පැවසෙන්නේ.

කැට පොලේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය විසින් තරුණයාට පොළු සහ මුගුරුවලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

තුවාල ලබා සිටි තරුණයාව ප්‍රදේශවාසින් විසින් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?