කැටපොළේ මිනීමැරුමක්

කසිප්පු ජාවාරම්කරුවෙකු විසින් පවත්වාගෙන ගිය මුදල් ඔට්ටුවට “කැට සෙල්ලම්” කළ ස්ථානයක සිදු වී ඇති බහින් බස්වීමකින් අනතුරුව සිදු වූ පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (19) පස්වරුවේ සිදු ව ඇති බවයි ආනමඩුව පොලිසිය පවසා සිටියේ.

මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය, වඩත්ත – හල්මිල්ලවැව පදිංචිව සිටි මහමුදන්නායක මුදියන්සේලාගේ සජිත් තිවංක හෙවත් ජයසුන්දර නම් 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකුව ආනමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇති තරුණයාගේ මවගේ සහෝදරයකු සහ කසිප්පු ජාවාරම්කරු ද ඒ අතර වන බවයි පැවසෙන්නේ.

කැට පොලේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය විසින් තරුණයාට පොළු සහ මුගුරුවලින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

තුවාල ලබා සිටි තරුණයාව ප්‍රදේශවාසින් විසින් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59