දිල්ලිවරුන් ගුජරාට් අබියස පරදිද්දි ලක්නව්වරුන්ටත් තියුණු ජයක්

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (19) සමත් වුණා.

ඒ ප්‍රතිවාදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරගය පැවැත්වුණේ අහමදාබාද් හි දියි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායමේ ඇරයුමෙන් දිල්ලිවරුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් රැස් කළා.

නායක අක්සාර් පටෙල් ලකුණු 39යි.

අෂුටොෂ් ශර්මා ලකුණු 37ක් සහ ලකුණු 31ක බැගින් කරුන් නයිර් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලබා ගත්තා.

කඩුලු බිඳ හෙලීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 04ක් බිඳ හෙලූ අතර එක් කඩුල්ල බැගින් මොහොමඩ් සිරාජ්, අර්ෂඩ් ඛාන්, ඉෂාන්ට් ෂර්මා සහ සායි කිෂෝරේ විසින් බිඳ හෙලනු ලැබුවා.

ජයග්‍රහණයට ලකුණු 204ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් කණ්ඩායම කඩුලු 03කින් තරගය ජය ගත්තා.

එහිදි නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ල‍ර් ලකුණු 97* ක් රැස් කළා.

රදර්ෆර්ඩ් ලකුණු 43ක් සහ සායි සුදර්ශන ලකුණු 36ක් රැස් කළා.

මුකේෂ් කුමාර් සහ කුල්ඩීප් යාදඩ් එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

මෙම තරගය ජය ගැනීමත් සමග ගුජරාට් කණ්ඩායම දිල්ලිවරුන් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට ඇද දැමීමට සමත් වුණා.

මේ අතර ඊයේ පැවැත්වුණු ලක්නව් සුපර් ජෑන්ට්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය කඩුලු 02කින් ජය ගන්නට ලක්නව්වරුන් සමත් වුණා.

ඒ ජයග්‍රහණය පෙනෙන මානයේ සිටි රාජස්ථාන්වරුන්ගේ නියමිත පන්දුවාර 20 ලකුණු 178ක දී කඩුලු 05කට සීමා කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40