තාත්තාගේ ටිපරයට යට වී මල් කැකුළක් නොඑන ගමන් යයි

කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට දැරියක් යටවීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු එකහමාරක් වූ අම්බාල්කුලම්, කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මියගිය දැරියගේ පියා නිවසෙහි මිදුලේ නවතා තිබූ ටිපර් රථය පණ ගන්වා ධාවනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී දැරිය ටිපර් රථයට යටවී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?