ආනන්තරීය පාපයකට අත ගැසූ 20 හැවිරිදි පුත්‍රයා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදු කළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වියෙහි පසු වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් මරණකරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

අපරාධය සිදුකළ වයස අවුරුදු 20 ක් වන මරණකරුගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?