රාජපක්ෂගේ උගන්ඩා සල්ලි ගේනකං සටන අත්හරින්නේ නෑ – නාමල් රාජපක්ෂ

මාලිමා රජය බලයට පත්වන විට පැවසූ පරිදි රාජපක්ෂ පවුල විසින් විදෙස් රටවල සහ උගන්ඩාවේ සැඟවූ බවට කියන මුදල් යළි දිවයිනට රැගෙන එනතුරු තමන් ආණ්ඩුව සමග සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ ආණ්ඩුව විසින් ජනතාවගෙන් සොරකම් කරන ලද දේපොළ සියල්ල වහාම ඉදිරිපත් කිරීම සිදු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වත්මන් රජයට දැනුම්දී ඇත්තේ.

අතීතයේ දී මාලිමා රජය විසින් ජනතාවට පැවසූ පරිදි ඩුබායි හෝටලය, ලැම්බොගින් 18, අමෙරිකානු රාජපක්ෂ මාලිගාව ආදිය ගැන නිවැරදි තොරතුරු කඩිනමින් ජනතාව වෙත රජය ඉදිරිපත් කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමන් ආණ්ඩුවට සහාය ලබාදීමට එකඟ බව ද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ගමින් ගමට යමින් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිහින්තලේ – රොටවැව ප්‍රදේශයේ පවත්වමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14