දෙමාපියන්ට නොදන්වා දිය ඇල්ලේ අනාරක්ෂිත ම තැනින් දියට බැස්ස තරුණයා අතුරුදන්

නාවලපිටිය – ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් ව තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ වෙස්ටෝල් – ඇතටන් ප්‍රදේශයේ පදිංචි ව සිටි විජය කුමාර් ජැක්සන් නමැති 20 හැවිරිදි තරුණයෙක්.

අතුරුදන් වූ තරුණයා සිය මිතුරන් සිව්දෙනෙකු සමග නිවැසියන්ට හෝ නොදන්වා ගලබඩදිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ද ලබා
නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එලෙස පැමිණ ඔවුන් දියඇල්ලේ අනාරක්ෂිත ම ස්ථානයකින් දිය නෑම සිදු කරන අවස්ථාවේදි මෙම ඛේදනීය ඉරණමට මුහුණ පා තිබෙනවා.

අතුරුදන් වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර, පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙතෙක් අතුරුදන් වූ තරුණයාගේ මළසිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී නොමැති නිසාවෙන් ඊට නාවික හමුදා කිමිඳුම් අංශයේ සහාය ද ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58