රාජ්‍ය සේවයේ පරමාදර්ශී ආයතනය බවට පත්වෙමින් වගකීම් නිසි ලෙස ඉටු කරමු – ජනාධිපති ලේකම් කාර්යාලය

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

ජනාධිපති ලේකම්වරයා මෙහිදී කාර්ය මණ්ඩලය වෙත අලුත් අවුරුදු සුබ පැතුම් එක් කරමින් සුහද කතාබහක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

අනතුරුව, කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ රට තුළ නව පරිවර්තනයක් ඇති කරමින්, අලුත් රටක් නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ සියලුදෙනා අලුත් අවුරුදු අධිෂ්ඨානයකින් හා නව ජවයකින් කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මෙහිදී, රාජ්‍ය සේවයේ පරමාදර්ශී ආයතනය බවට පත් වෙමින්, නව ආකල්ප වඩවා ගනිමින් තමන් වෙත පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සිය කාර්ය මණ්ඩලයට ආරාධනා කළ ජනාධිපති ලේකම්වරයා මෙතෙක් කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳ ව සියලුදෙනා වෙත ස්තුතිය ද පිරිනැමුවා.

ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිස සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කර තිබු තේ පැන් සංග්‍රහයට ද එක් වූ බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්ය මණ්ඩලයේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41