දිගු කලෙක සිට පැවති ආරවුල මරණයකින් කෙළවර වෙයි

කරන්දෙණිය – දිවියගහවිල ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ (15) රාත්‍රී කාලයේ දී බවයි.

දිගු කලෙක පටන් පවතින ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

සිද්ධියෙන් පහරකෑ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

ඔහු මෙම පහරකෑමට ගොදුරුව ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි මාර්ගයේ දී බවයි වාර්තා වන්නේ.

කරන්දෙණිය පොලිසිය විසින් මේ වනවිට (16) ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46