අලුත් අවුරුදු ඉවර වුණා විතරයි මහියංගණයේ වෙඩි තැබීමක්

මහියංගනය ගෙවල් 20 ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

කණ්ඩායම් දෙකක් අතර තිබුණු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙනවා.

වෙඩි තැබූ පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි මහියංගනය පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ