දුර බැහැර ගමන් යන පිරිස් වෙත පොදු ප්‍රවාහනයෙන් දැනුම්දීමක්

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව අද (15) දිනයේ දී රැකියා සඳහා හෝ වෙනත් යම් අවශ්‍යතාවක් සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කරන මගී ජනතාව වෙනුවෙන් බස් රථ ධාවනයට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

සාමාන්‍ය කාල සටහන යටතේ අද සහ හෙට (16) බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළා.

අනිද්දා (17) දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් අද දිනය සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28