ඉන්දියාවේ ගංගා නදියේ පාවී එන කොවිඩ් සිරුරු අල්ලන්න දැවැන්ත දැළක් එළයි

පාවී එන මළ සිරුරු ග්‍රහණය කර ගැනීමට ගංගා නදිය හරහා විශාල දැළක් එළීමට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම මළ සිරුරු බොහෝ දුරට කොවිඩ් 19 ආසාදනය වී මියගිය අයගේ බවට යි සැක කෙරෙන්නේ.

පසුගිය සඳුදා (10) සිට ඊයේ (13) දිනය තෙක් කාලය තුළ පමණක් ගංගා නදියේ පාවී ආ මළ සිරුරු 71ක් ගොඩ ගැනීමට බිහාර් බලධාරීන් සමත් වුණා.

එහෙත් එලෙස ගොඩ ගැනීමට නොහැකි වූ තවත් බොහෝ සිරුරු පහළ පෙදෙස් කරා පාවී යන බව පැවසෙනවා.

බිහාර් ප්‍රාන්තයේ බක්සාර් දිස්ත්‍රික්කයේ පිහිටි චෞසා නම් ප්‍රදේශයේ දී ගඟ හරහා දැළක් එළීම සිදු කෙරුණේ එයට පිළියමක් ලෙසයි.

මෙම මළ සිරුරු බිහාර් ප්‍රාන්තයේ අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට පාවී එන බවටයි සැක කෙරෙන්නේ.

එහෙත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ඒ අනුව මළ සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ ද පැවැත්වෙනවා.

බොහෝ මළ සිරුරු විකෘති වී ඇති අතර එනිසා ඒවා හඳුනා ගැනීම අසීරු වී ඇතැයි වාර්තා වෙනවා.

මේ අතර මෙම මළ සිරුරු කොවඩ් 19 ආසාදනය වී මිය ගිය අයගේ බවට ඇති සැකය මත තවත් දහස් ගණනකට වෛරසය ආසාදනය වෙතැයි එරට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා.

මේ හේතුවෙන් ගංගා නදියේ ජලය භාවිත නොකරන ලෙසටයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවල වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මෙම සිරුරු කොවිඩ් ආසාදිතදැයි නිෂ්චිතව තහවුරු කරගැනීමට බලධාරීන්ට හැකිව නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12