නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් වෙනුවෙන් සුපිරි ආයෝජනයක්

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ සේවයේ නිරත සේවක – සේවිකාවන්ට තම දූ දරුවන් අනාරක්ෂිතව සිය නේවාසිකාගාර තුළ තබා යාම වෙනුවට සුරක්ෂිතව ඔවුන් රඳවා තැබීමට දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අද (10) දින මුල්ගල් තැබීම සිදු කෙරුණා.

ඒ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ 04 වැනි අදියර ප්‍රධාන ගේට්ටුව අසළ දී යි.

මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය හේතුවෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ට මානසික පීඩනයෙන් තොරව සිය සේවා ඉටු කිරීමේ පරිසරයක් නිර්මාණය වනවා.

රුපියල් හත්කෝටි හැටලක්ෂයක් වැයකර, වර්ග අඩි 8,000ක වපසරියකින් මෙම දිවා සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථානය ,
පෞද්ගලික ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරෙන සමාජ සද්කාර්යයක් වන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සඳහා අවශ්‍ය ඉඩම ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය සමග ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබන ආයෝජන ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි මෙය ඉදිවන්නේ.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ ආයෝජන ව්‍යාපෘති 85ක සේවකයින් 34,000ක් පමණ සේවයේ නිරත වී සිටින අතර ඔවුන්ගේ දූ දරුවන් 100කට පමණ මෙම මධ්‍යස්ථානය තුළ පහසුකම් ලබාගත හැකි වනවා.

මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ලෝරන්ස් මඩපාත, ඒ.ටී.ජී.අත්වැසුම් නිෂ්පාදන ආයතනයේ සභාපති ෆසාල් ආබ්දීන් මහතා සහ එම මැතිනිය, කටුනායක නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් ද පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?