නියෝජ්‍ය ඇමති නලීන් හේවගේ කියූ පචයක් ගැන කැබිනට්ටුවේ දී එළියට ආ හැටි

නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ විසින් පසුගිය දිනක ජාතික ජන බලවේගය රජය බලයට පත්වන විට භාණ්ඩාගාරය සතුව ඩොලර් මිලියන 20 ක් පමණක් තිබූ බවත්, එතැන් සිට නව රජය සංචිත ඩොලර් බිලියන 6.19 දක්වා වැඩි කළ බවත් පවසා සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ, පළාත් පාළන මැතිවරණයට පෙර ගාල්ලේ පැවති මහජන රැලියක් අමතමින්.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින්, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේ දී (අප්‍රේල් 07) ප්‍රකාශ කළේ 2024 සැප්තැම්බර් සිට 2025 මාර්තු දක්වා මහ බැංකුව විසින් සත්‍යාපනය කරන ලද නිල සංඛ්‍යාලේඛන හෙළි කරන බවයි.

ඒ අනුව එලෙස හෙළිදරව් කළ සංඛ්‍යාලේඛන පහත දැක්වේ.

•⁠ 2024 සැප්තැම්බර්: ඩොලර් බිලියන 5.99
•⁠ 2024 ඔක්තෝබර්: ඩොලර් බිලියන 6.47
•⁠ 2024 නොවැම්බර්: ඩොලර් බිලියන 6.45
•⁠ 2024 දෙසැම්බර්: ඩොලර් බිලියන 6.12
•⁠ 2025 ජනවාරි: ඩොලර් බිලියන 6.06
•⁠ 2025 පෙබරවාරි: ඩොලර් බිලියන 6.08
•⁠ 2025 මාර්තු: ඩොලර් බිලියන 6.51

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ කිසියම් දෝෂයක් සිදු වී ඇත්නම්, මහ බැංකුව විසින් නිකුත් කරන ලද මෙම නිල සංඛ්‍යාලේඛන පිළිගත යුතු බව ඉල්ලා සිටින බවයි.

මේ අනුව පෙනී යන්නේ මැතිවරණ කාල සීමාවේ දී මන්ත්‍රී නලීන් හේවගේ දැන හෝ නොදැන රටේ භාණ්ඩාගරය ගැන සිදු කර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් බවයි.

  1. නලීන් කාරයා කතා කරනකොට පොඩ්ඩක් චාලි චැප්ලින් වගේ පෙනුනට දැන් බලපුවාම චාලි කැලෙ මූ හෙන ජොකරයෙක්නෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57