ඔසී මහ කොමසාරිස් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

ඒ කොළඹ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදියි.

මෙම අවස්ථාවට ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද සහභාගී වුණා.

මෙම හමුවට සමඟාමී ව සුහදශීලී සහ ඵලදායී සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර, ඔස්ට්‍රෙලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය පිළිඹිබු කිරීම මෙහි විශේෂත්වයයි.

සාකච්ඡාව අතරතුර, දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා.

විශේෂයෙන් ආරක්‍ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් හුවමාරු කර ගත් බව ද වාර්තා වනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා මෙන්ම, මෙරට ත්‍රිවිධ හමුදාවන්ගේ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රෙලියානු රජය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළා.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය වෙත නොගැඹුරු මුහුදේ නිරීක්‍ෂණ කටයුතු සඳහා අති නවීන Shallow Water Multi – Beam Echo Sounder යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම තුළින් ඔස්ට්‍රෙලියානු රජය විසින් මෙරටට ලබාදුන් අගනා දායකත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් ජයසේකර සිය ප්‍රශංසාව පළ කළා.

මෙම නුතන තාක්‍ෂණික උපකරණය මගින් ශ්‍රී ලංකාවේ වරායන්, වෙරළබඩ ප්‍රදේශ මෙන්ම, උපායමාර්ගික වශයෙන් වැදගත් ජල මාර්ග වල මිනුම් කටයුතු සිදු කිරීමට ඇති හැකියාවන් වර්ධනය කෙරෙන බවත්, එමඟින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සහ කලාපීය සමුද්‍රීය ස්ථාවරත්වය ඇති කිරීමට දායක වන බවත්, ඔහු සඳහන් කළා.

ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා පුළුල් කිරීම, සමුද්‍රීය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම, පුහුණු හුවමාරු වැඩසටහන් සහ ධාරිතා වර්ධනය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මුලපිරීම් වැනි ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන මුලපිරීම් සඳහා දෙපාර්ශ්වයේම කැපවීම යළි තහවුරු කරමින් සාකච්ඡාව අවසන් වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58