ඇප කොන්දේසි සැපිරූ වියාලේන්ද්‍රන් මුදාහැරේ

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියම කර තිබෙනවා.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඇපමත මුදා හරිනු ලැබුවා.

නමුත් සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

කෙසේ නමුත් අද දිනයේ දී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?