ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න යළිත් යුග දිවියට පිවිස තිබෙනවා.
36 හැවිරිදි වියෙහි පසුවන දිමුත් කරුණාරත්න, ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණී ඉනමි අවන්ද්‍යා සමග අතිනත ගැනීම ඊයේ (08) සිදු කෙරුණා.
කළුතර පිහිටි සුප්‍රසිද්ධ හෝටල් සංකීර්ණයකයි මෙම යුග දිවියට පිවිසීමේ උත්සවය ඉතාමත් චාම් අයුරින් සිදු කර ඇත්තේ.
දිමුත් කරුණාරත්න යනු කලක් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ද නායකත්වය ගෙන කටයුතු කළ ආරම්භක පිතිකරුවෙක්.














දිගු ඉනිමක් නොදැවී ක්රීඩා කිරීමට ඔබ දෙදෙනාටම මගේ සුභ පැතුම්.