මාළු පෙන්වා කිලෝ ගණන් ගංජා ඇදපු හාදයෝ කොටුවෙති

කිලෝග්‍රෑම් 200ක් බරැති කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) පෙරවරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව – පිටිපන, ලෙල්ලම ප්‍රදේශයේ දියි.

සැකකරුවන් විසින් ඉතා සූක්ෂ්ම අයුරින් මාළු ප්‍රවාහන කරනු ලබන අධිශීතකරණ ලොරියක මෙම කේරළ ගංජා තොගය සඟවාගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක් වටිනාකමක් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ දුන්ගාල්පිටිය පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

ධීවර බෝට්ටු මගින්, මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය, පැකැට් 91ක් ලෙස සකස් කර ඒවා ගෝනි 05ක අසුරා, පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස සොයා ගැනුණේ.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 හා 42ක වියැති මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?